Lanka Focus News

බොලිවුඩ් නළු සන්ජේ දත් ට පිළිකාවක්

බොලිවුඩ් නළු සන්ජේ දත් ට පිළිකාවක්




ජනප්‍රිය බොලිවුඩ් නළු සන්ජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇති බව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.

මේ වන විට 61ක් වියැති සන්ජේ පවසන්නේ තමා රෝගී තත්ත්වය පරාජය කිරීමට අදිටනින් පසුවන බවය.

එසේම තමාගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මස අරඹන බව ද ඔහු පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී, ස්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් කොවිඩ් -19 වෛද්‍ය පරික්ෂාවකට ඔහු මුහුණ දුනි.

නමුත් පසුව මුම්බායි නගරයේ වෙනත් රෝහලකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය තහවුරු වී තිබේ.




administrator

Related Articles