Lanka Focus News

බොර තෙල් මිල තවත් අඩුවෙයි

බොර තෙල් මිල තවත් අඩුවෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම චීනයේ සහ ජපානයේ නිෂ්පාදන දත්ත දුර්වල වීම හේතුවෙන් ඉල්ලුම පහත යෑම ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිලට බලපා ඇතැයි සඳහන් වෙයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.19කින් ඩොලර් 102.78 දක්වා අඩුවී ඇති අතර එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී තිබුණි.

බ්‍රෙන්ට් සහ ඩබ්ලිව් ටී අයි බොර තෙල් මිල ගණන් මාස දෙකක් (ජුනි සහ ජූලි) එකදිගට අඩුවී ඇත්තේ 2020ට පසු පළමු වරටය.

administrator

Related Articles