Lanka Focus News

බුද්ධාගම වැළඳ ගත් සුදු කතට අන්‍යාගමිකයෙක් කළ තුච්ච අපරාධය

බුද්ධාගම වැළඳ ගත් සුදු කතට අන්‍යාගමිකයෙක් කළ තුච්ච අපරාධය

විදේශිය කාන්තාවක් පදිංචිව සිටින උණවටුනේ පිහිටි ඉඩමක ළිඳට අසල්වැසියෙකු විසින් අසූචි දැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇතැයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

තමා වසර  විසි පහක කාලයක් තිස්සේ උණවටුනේ පදිංචිව පළාත් වාසින්ට උදව් කරමින් සිටින බවත් බුද්ධාගම කෙරෙහි මහත් විශ්වාසයක් තිබෙන බවත් මේ කටයුතු ඉවසාගත නොහැකි අන්‍යාගමික පුද්ගලයෙකු තමාට විවිධ හිරිහැර කරන බවත් අවසාන වශයෙන් තමා ඝාතනය කිරිමේ අරමුණින් ජලය ලබා ගන්නා ළිඳට අසූච් දමා ඇති බවත් ඇය විසින් පොලිස්පතිවරයාට ලිඛිතව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.

ළිඳ අවට මිටර් 200ක් දුරින් කිසිදු  වැසිකිළියක් නොමැති බවත් සැකකරුට හැර වෙනත් කිසිදු බාහිර පුද්ගලයෙකුට ළිඳ අසලට පැමිණිය නොහැකි බවත්  ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.

මේ අතර එම ළිඳේ ජල සාම්පල් පරික්ෂා කරන ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාතර පිහිටි දකුණු පළාත් රසායනාගාරයේ රසායනඥවරිය වාර්තාකර ඇත්තේ  මිනිස් අසූචි හා සෘජුව සම්බන්ධ  ඊ කෝලා (E Coli) බැක්ටිරීයාව ජලයේ මිශ්‍රවි ඇති බවය.

පැමිණිලිකාර විදේශිය කාන්තාව පැමිණිල්ලේ පිටපත් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම විහාරාධිපතිවරුන්ටද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාටද යවා ඇත.

administrator

    Related Articles

    Close
    shares