Lanka Focus News

බස්නාහිර දෛනික ආසාදිතයින් 454ක්

බස්නාහිර දෛනික ආසාදිතයින් 454ක්

කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයින් 692 දෙනෙකු ඊයේ (13) දිනය තුළ අලුතින් හඳුනාගෙන ඇත.

ඒ අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ය.

ඉතිරි පුද්ගලයින් 687 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී තිබේ.

ඒ ආසාදිතයින් 223 ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 46,435 වේ.

ඉන් පුද්ගලයින් 40,509 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,231 ක් වන අතර ඉන් පුද්ගලයින් 43,266 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,718 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට තුළ සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 247කි.

නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ – 223
ගම්පහ – 119
කළුතර – 112
මාතලේ – 34
ගාල්ල – 18
මහනුවර – 17
කුරුණෑගල – 17
වව්නියාව – 16
කෑගල්ල – 14
අම්පාර – 13
රත්නපුරය – 10
ත්‍රීකුණාමලය – 08
මඩකලපුව – 08
මාතර – 07
නුවරඑළිය – 07
අනුරාධපුරය – 04
පුත්තලම – 02
හම්බන්තොට – 02
පොළොන්නරුව – 01

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares