Lanka Focus News

බත් පැකට්ටුවේ සහ තේ කෝප්පයේ මිල වෙනස් වෙයි

බත් පැකට්ටුවේ සහ තේ කෝප්පයේ මිල වෙනස් වෙයි

සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමත් සමග බත් පැකට්ටුවක හා තේ කෝප්පයක මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් පෙර දිනයන්ට වඩා පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ එළවළු, පළතුරු සහ මාලු මිල ගණන් අද (06) ඉහළ ගොස් ඇති බව වෙළෙඳසැල් හිමියන් පැවසීය.

වෙළෙඳුන් පවසන්නේ එළවළු ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා සහ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මිල ගණන්වල ඉහළ යෑමක් සිදුවී ඇති බවය.

කෙසේවෙතත් පසුගිය දිනයන්ට වඩා පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට පැමිණෙන පාරිභෝගිකයින්ගේ වැඩිවීමක් අද දක්නට ලැබේ.

මේ අතර ඉන්ධන හිඟය තරමක් අඩුවීම සහ අඛණ්ඩව භාණ්ඩ තොග ලැබීම හේතුවෙන් ඊයේ කොටුව සහ නාරාහේන්පිට තොග වෙළඳසැල්වල අල, ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු යනාදී ආනයනික භාණ්ඩවල මිල තරමක් පහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය විය.

මේ අතර ඉන්ධන සපයා ගැනීමේ ගැටලු හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාලු ලැබීම අවමවී ඇති අතර මේ හේතුවෙන් මාලු මිලද පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය.

මේ අතර ලබන සඳුදා (08) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් අඩුවනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ නිල විදේශ වත්කම් සංචිත 2022 ජූනි මාසයේ පැවති මට්ටමේ සිට ජූලි මාසයේදී 2.1%කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ජූනි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,854ක තිබූ විදේශ වත්කම් සංචිතය ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,815ක් දක්වා අඩුවී තිබේ.

administrator

Related Articles