Lanka Focus News

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මොමිනුල් හක් ඉල්ලා අස්වී තිබේ.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගවලිය පරාජය වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

2019 ඔක්තෝබර් සිට එම කණ්ඩායම ටෙස්ට් තරග 17කදී ඔහු විසින් මෙහෙයවා තිබූ අතර ඉන් ජය ගැනීමට සමත් වූයේ තරග තුනක් පමණි.

තරග 12ක් පරාජය වී ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ මීළඟ නායකයා ලෙස ශකීබ් අල් හසාන් පත්වීමට ඉඩ ඇතැයි වාර්තා විය.

administrator

Related Articles