Lanka Focus News

බංග්ලාදේශයට එරෙහි තරගාවලි ජය සිම්බාබ්වේ හිමිකර ගනී

බංග්ලාදේශයට එරෙහි තරගාවලි ජය සිම්බාබ්වේ හිමිකර ගනී




සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ, තරගාවලියේ ඊයේ (07) පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයගැනීමත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවිය.

ඊයේ තරගය පැවැත්වුණේ හරාරේ ක්‍රීඩාංගණයේදීය.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 290ක් රැස්කරගැනීමට සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මහමුදුල්ලා නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර නායක තමීම් ඉක්බාල් ලකුණු 50ක් රැස්කළේය.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා කඩුලු 3ක් දවාගත් අතර වෙස්ලි මාදේවෙරේ කඩුලු 2ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 47 පන්දු 3ක් තුළ කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් සිකන්දර් රාසා නොදැවී ලකුණු 117ක් රැස්කළ අතර නායක රෙගිස් චකබ්වා ලකුණු 102ක් රැස්කිරීමට සමත්විය.




administrator

Related Articles