Lanka Focus News

බංගලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරේ ගින්නකින් නිවාස 550ක් විනාශයි

බංගලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරේ ගින්නකින් නිවාස 550ක් විනාශයි

බංගලාදේශයේ දකුණු දිග නයපාරා රෝහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇතිවූ ගින්නකින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඔවුන් පවසන්නේ ගින්නෙන් නිවාස 550ක් පමණ විනාශ වී 3,500කට පමණ වාසස්ථාන අහිමිවී ඇති බවයි.කඳවුරේ ඊ කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සරණාගතයින්ගේ සියලු දේ ගිනිබත්වී ඇති බවත් පැවසේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ හමුදාව වහාම කැඳවා ඇති නමුත් ගින්න නිවීම සඳහා පැය දෙකකටත් වැඩිකාලයක් ගතවූ බව සඳහන් වේ. නිවාස තුළ තිබූ ගෑස් සිලින්ඩර් පුපුරා යෑම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අපහසු වී ඇත.

ගින්නෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.

රෝහින්ග්‍යා වැසියන් මිලියනයකට වැඩි පිරිසක් බංගලාදේශයේ දකුණු දිග කඳවුරු වල වෙසෙති.මොවුන්ගෙන් බහුතරය 2017 වසරේ මියන්මාරයේ මර්දන හේතුවෙන් පලා ආ පිරිස් වෙයි.

පසුගිය සති වලදී බංගලාදේශ රජය රෝහින්ග්‍යා වැසියන් දහස් ගනනක් දුර බැහැරින් පිහිටි දිවයිනකට ගෙන ගියේය.

administrator

    Related Articles

    Close
    shares