Lanka Focus News

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 ක් විය යුතු බව රජය පවසයි.

එම මිල ඉක්මවා පොල් අලෙවිකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ, ඊයේ (22) එම අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එම මිල ඉක්මවා පොල් අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර, ජනතාවට සහන මිලට පොල් ලබාදීමේ අලෙවිපොළක් අද එම අමාත්‍යාංශයේදී සංවිධාන කර තිබුණි.

එහිදී පොල් ගෙඩියක මිල වුයේ රුපියල් 60කි.

administrator

Related Articles