Lanka Focus News

පෙම්වතා එක්ක ඇවිදින්න ගිය සුරූපී තරුණියගේ සිරුර වනයෙන් හමුවෙයි

පෙම්වතා එක්ක ඇවිදින්න ගිය සුරූපී තරුණියගේ සිරුර වනයෙන් හමුවෙයි

අතුරුදන්ව සිටි ජනප්‍රිය ඇමරිකානු ජාතික සුරූපී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ගැබී පෙටීටෝගේ සිරුර ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ තිබී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇයගේ පෙම්වතා වන බ්‍රයන් ලෝන්ඩ්‍රි නමැති පුද්ගලයා සමඟ දීර්ඝ සංචාරයකට එක්ව සිටියදී ඇය අතුරුදන්ව ඇති අතර පසුගිය 11 වනදා ඇය අතුරුදන්ව ඇති බවට ඇගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ චාරිකාවක් සඳහා මොවුන් ගොස් තිබූ බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ගැබී විසින් අගෝස්තු 25 වනදා තමන් එම වනෝද්‍යානයේ සිටින බවට සිය මවට දුරකථන ඇමතුමක් ලබාදී සිදුකළ දැනුම්දීමකට අනුව එම වනෝද්‍යානය තුළ ඇය සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුව කාන්තාවකගේ සිරුරක් එම වනෝද්‍යානය තුළ තිබී පරීක්ෂකයන් විසින් සොයාගෙන ඇත.

මේ වනවිට අතුරුදන් වූ තරුණියගේ දේහ ලක්ෂණ සමඟ මෙම දේහය ගැලපෙන බවටයි මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති අතර මේ වනවිට ඇයගේ පෙම්වතා අතුරුදන් ව ඇති අතර ඔහු සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

administrator

    Related Articles

    Close
    shares