අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු පෙට්‍රල් 92 පෙට්‍රල් රැගත් නෞකාව දිනකින් පමණ පැමිණීම ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව නිවේදනය කරයි.
ඒ අනුව අද සහ හෙට (24) දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හරිනු ලබන බවත් සුපර් ඩීසල් සීමිත බෙදාහැරීමක් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.