Lanka Focus News

පූර්ණ එන්නත්කරණයට ලක්වී කොවිඩ් වැලඳෙන පුද්ගලයින් ගැන අනාවරණයක්

පූර්ණ එන්නත්කරණයට ලක්වී කොවිඩ් වැලඳෙන පුද්ගලයින් ගැන අනාවරණයක්

පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් පසුව කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයින්, වෛරසය හේතුවෙන් සිදුවන දිගුකාලීන රෝගාබාධවලට ලක්වීමේ අවදානම අවම මට්ටමක පවතින බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ලන්ඩනයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් ආසාදනයට ලක්වන බොහෝ පුද්ගලයින් සති 4ක කාලයක් තුළ සුවය ලැබුව ද ඔවුන් තුළ තවත් මාස ගණනක් ගතවන තෙක් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර එම තත්ත්වය දිගුකාලීන කොවිඩ් අවදානම ලෙස හැඳින්වෙන බව එම වාර්තාවල සඳහන් වේ.

කෙසේවෙතත් පූර්ණ එන්නත්කරණයට ලක්වන පුද්ගලයින් තුළින් වෛරසය හේතුවෙන් සිදුවන දිගුකාලීන රෝගාබාධවලට ලක්වීමේ අවදානම 50% කින් පමණ අවම කරන බව පර්යේෂකයින් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වු අයෙක් නම්, කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව අඩුවීම, බරපතළ රෝගාබාධ ඇතිවීම අවමවීම සහ දිගුකාලීන රෝගාබාධවලට ලක්වීමේ අවදානම ද අවම අගයක් ගන්නා බව අදාළ පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

administrator

Related Articles