Lanka Focus News

පුතුට කොවිඩ් වැළඳුනු විට බියක් දැනුනා – මෙලනියා ට්‍රම්ප්

පුතුට කොවිඩ් වැළඳුනු විට බියක් දැනුනා – මෙලනියා ට්‍රම්ප්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 14 හැවිරිදි පුතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.

නමුත් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට සුවවී ඇතිබව තහවුරු වූ බව ජනපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් පැවසුවාය.

තම පුතුට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගත් විට “ඇත්තටම බියක් දැනුනා” යනුවෙන් පැවසුවාය.

මීට සති කිහිපයකට ඉහතදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ අතර එම අවස්ථාවේ සිදුකළ පරීක්ෂණය අනුව බැරන් ට්‍රම්ප් ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණි.

නමුත් ඉන්පසුව සිදුකළ දෙවැනි පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

බැරන් ට්‍රම්ප් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැත.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares