Lanka Focus News

පුටින් රටින් යයි

පුටින් රටින් යයි

යුක්‍රේනයට එරෙහිව සිදුකරන යුදමය ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු පළමුවරට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විදෙස් සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් ප්‍රාන්ත රාජ්‍යයක් වෙත රුසියානු ජනාධිපතිවරයා සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සංචාරයේ දී රුසියානු ජනාධිපතිවරයා ඔහුගේ සමීප මිතුරෙකු වන තජිකිස්තාන ජනාධිපතිවරයා හමුවීමට නියමිත අතර අසර්බයිජානය, කසකස්තානය, ඉරානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවල නායකයන් සහභාගි වන සමුළුවකට ද සහභාගි වනු ඇති බව සඳහන්ය.

යුක්‍රේන ආක්‍රමණයට පෙර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ රටින් පිටත අවසන් විදෙස් සංචාරය පෙබරවාරි මස මුලදී සිදුකළ චීන සංචාරය වන අතර එහිදි ඔහු චීන ජනාධිපති ෂී ජින්පිං හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා සිදුකරනු ලැබීය.

administrator

Related Articles