Lanka Focus News

පිලිපීන නියෝජ්‍ය ජනාධිපතිනිය ලෙස සාරා ඩුටර්ටේ දිවුරුම් දෙයි

පිලිපීන නියෝජ්‍ය ජනාධිපතිනිය ලෙස සාරා ඩුටර්ටේ දිවුරුම් දෙයි

ධුරයෙන් ඉවත්වීමට නියමිත පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය.

දාවෝ නගරයේ දී ඇය උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

44 හැවිරිදි සාරා ඩුටර්ටේ මීට පෙර නගරාධිපතිවරියක ලෙස ද කටයුතු කළාය.

එමෙන්ම ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ ධුර කාලයෙන් පසු ඇය පිලිපීන ජනාධිපතිවරිය ලෙස තේරී පත්වනු ඇති බව එරට දේශපාලන විශ්ලේෂකයින් පැවසීය.

ඇයගේ වසර 6ක් වන ධුර කාලය ජුනි 30 වනදා ඇරඹෙයි.

එදිනම පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ Ferdinand Marcos Junior ගේ ධුර කාලය ද එදින ආරම්භ වීමට නියමිතය.

administrator

Related Articles