මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ.
මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.
2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනයට ලක්විය.