Lanka Focus News

පිල්ලියාන් ට එරෙහි පරරාජසිංහම් ඝාතන නඩුව තවත්දුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දන්වයි

පිල්ලියාන් ට එරෙහි පරරාජසිංහම් ඝාතන නඩුව තවත්දුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දන්වයි

දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලියාන් ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) අධිකරණයට දැනුම් දී තිබේ.

රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා ඒ බව අධිකරණයට දැන්වීය.

2005 නත්තල් දින දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් මහතාව ඝාතනය කෙරිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලියාන් සහ තවත් පස් දෙනෙක් ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඉන් පස් දෙනෙක් අද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිබඳ ව ලබන බදාදා තම තීරණය ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා දැන්වීය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares