Lanka Focus News

පෑලියගොඩ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

පෑලියගොඩ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට




පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය හංදිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා පොලිස් සේවයේ සිට වැඩතහනමට ලක්වූ අයෙක් බවට අනාවරණය වී තිබේ.

දෙමටගොඩ ප්‍රදේශය මුල්කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ පුද්ගලයෙකු සමඟ ද ඝාතනයට ලක්වු පුද්ගලයා සමීපව කටයුතු කර ඇති අතර පසුව ඔහුගෙන් වෙන්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම සිද්ධිය ඝාතනයට මුල් වී නොමැති අතර වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මෘත ශරීරය මේ වන විට ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබදව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඊයේ රාත්‍රීයේ දී ඝාතනය සිදුව ඇති අතර එහිදි තුවාල ලැබු කාන්තාවක් ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්වු පුද්ගලයා සිය බිරිඳ සහ දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබු මොහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එමෙන්ම ඝාතනයට ලක්වු පුද්ගලයාගේ වයස අවුරුදු 2ක පමණ දරුවා ද සිද්ධියෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.




administrator

Related Articles