පාස්කු ඉරිදා ප්රහාරය සිදුකළ ත්රස්තවාදීන් පිළිබඳ දැන සිටියද ඡන්දය වෙනුවෙන් පසුගිය ආණ්ඩුව නිහඬව සිටි බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් කණ්ඩායම් නායක ප්රසන්න රණතුංග මහතාගේ ජය තහවුරු කරන ජනහමුවක් මිනුවන්ගොඩ සතිපොළ භූමියේදී ඊයේ (28) පැවැත් විණි.
එහිද ජනතාව අමතමින් අග්රාමාත්යවරයා පැවසුවේ පසුගිය වසර පහ මෙරට අඳුරුතම යුගය බවය.
මේ අතර, ශ්රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සියනෑ අරුණ දස වැදෑරුම් ප්රතිපත්ති මාලාව අග්රාමාත්යවරයා වෙත පිළිගැන්වීම ද එහිදී සිදු විය.