Lanka Focus News

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සභාගත කරයි

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සභාගත කරයි

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ සිදුකිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණි.

එය සභාගත කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, “2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ සිදුකිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවත් රටත් බලාපොරොත්තුවෙන් සිටි මේ වාර්තාව, අපේ රට පාස්කු ඉරිදා දින තැති ගන්වමින් විනාශකාරී ලෙස සිදු වූ මහ විපත පිළිබඳ පරීක්ෂා කරන ලද කොමිෂන් සභා වාර්තාව මෙලෙස සභාවේත් කථානායකතුමා මගින් රටෙත් දැනගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා,” යනුවෙනි.

එහිදී, “අපිට මේ වාර්තාව ගැන දින 3ක විවාදයක් ඕනේ කථානායකතුමනි,” යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසීය.

කථානායකවරයා එහිදී සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ මේ පිළිබඳ අලුතින් විවාදයක් ඉල්ලීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා කලින්ම එකඟතාවය පළකර ඇති බවය.

administrator

    Related Articles

    Close
    shares