Lanka Focus News

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීම ප්‍රමාදවීමට හේතුව

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීම ප්‍රමාදවීමට හේතුව

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව එළඹෙන 31 වනදා ලැබීමත් සමඟ ප්‍රහාරයට සම්බන්ධ සියලු චුදිතයන්ට නඩු පැවරීමට කටයුතු සුදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ චුදිතයන්ට එරෙහිව මෙරට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඊයේ ප්‍රශ්න කළේය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා,

“අපි දන්නවා ස්ථාන 8ක බෝම්බ පිපිරීම් සිද්ධියක් වුණා. ඒ ස්ථාන 8 තිබුණ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැනටමත් නීතිපතිවරයා වෙත ලිපිගොනු 8ක් භාර දීලා තියෙනවා. 32 දෙනෙක්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ රජයට විරුද්ධව කුමන්ත්‍රනය කිරීම යන චෝදනා මත ඒ කියන්නේ පොලීසිය කාර්යභාරය දැන් ඒ තත්ත්වය මත අවසන්. ඒ වගේම තවත් 241 දෙනෙකු රැඳවුම් නියෝග මත සහ රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ තබාගෙන ඉන්නවා. මද්‍රසා පාසල්වල අන්තවාදය ඉගැන්වීම, අවිආයුද ගෙන්නපු එකට, මෙයට වක්‍රව සම්බන්ධ වුණ එකට එයින් ප්‍රධාන තුන්දෙකෙන්ට විරුද්ධව තමයි අමෙරිකාවේ මහධිකරණයේදී නඩු දාලා තියෙන්නේ. මොකද අමෙරිකානුවන් 5 දෙනෙක් මේ ප්‍රහාරයෙන් මිය ගියා. ඉතින් පොලීසිය විසින් කරන්නට තියෙන යුතුකම් කොටස කරලා හමාරයි. දැන් තියෙන්නේ නීතිපතිගේ අතේ. නමුත් නීතිපතිටත් නඩු ගොනුකරන්න යම්කිසි ප්‍රමාදයක් තියෙන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව එනතුරු. ඒක 31 එනවා. ඉතා පරිණත නීතිඥයින් 12ක් පත්කරලා තියනවා. ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න.“

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares