Lanka Focus News

පාර්ලිමේන්තුවේ වෙනසක්

පාර්ලිමේන්තුවේ වෙනසක්




ලබන 29 වෙනිදා සිට පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එහිදී දිවා විවේකය පැය භාගයකට සීමා කිරීමට ද තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

29 වෙනිදා පාර්ලිමේන්තුව යළි රැස්වීමටත් විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබිමේ විවාදය එදින පෙරවරු 09.30 සිට පස්වරු 04.30 දක්වා පැවැත්වීමටත් තීරණය කළ බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

පසුගිය 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්නොවුනහොත් ඒ පිළිබඳ විවාදය ලබන 30, 31 සහ සැප්තැම්බර් මස 01 වෙනිදා සහ 02 වෙනිදා පැවැත්වීමට ද එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් පැවසුවේය.




administrator

Related Articles