Lanka Focus News

පාකිස්තානය වෙත ජාත්‍යන්තරයේ වැඩි අවධානයක්

පාකිස්තානය වෙත ජාත්‍යන්තරයේ වැඩි අවධානයක්




පාකිස්තානය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත ද යන්න සම්බන්ධයෙන් යළිත් ජාත්‍යන්තරය තුළ කතාබහක් මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, කරච්චි නුවර මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ගර්භණී කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන් සීසීටීවී දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත්වීමත් සමගය.

එම දර්ශනවල දැක්වෙන අන්දමට අදාළ කාන්තාව සමග බහින්බස්වීමක් ඇති කරගන්නා ආරක්ෂක නිලධාරියා එම ගර්භණී කාන්තාවට පළමුව කම්මුල් පහරක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පසු ඇයට නැවත වරක් ඔහු විසින් පහරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර ආරක්ෂක නිලධාරීයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාර ආරක්ෂක නිලධාරීයාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.




administrator

Related Articles