Lanka Focus News

ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් 8ක් අත්අඩංගුවට

ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් 8ක් අත්අඩංගුවට

පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතන සිද්ධියේ CCTV දර්ශන සහ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම සැකකරුවන් 8 දෙනා හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔවුන්ව අද ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් 26 දෙනෙකු පසුගිය සඳුදා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

administrator

Related Articles