Lanka Focus News

ප්‍රධාන පුහුණුකරු ලෙස සනත්ට තනතුරක්

ප්‍රධාන පුහුණුකරු ලෙස සනත්ට තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන්ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතකරුවෙකු ද වන සනත් ජයසූරිය ඉදිරි වසර සඳහා ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

51 හැවිරිදි සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 445කි.

සනත් පුහුණුකරු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සඳහන් කළේ තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙවැනි දක්ෂ පිතිකරුවෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවය.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ද ඉදිරි වසර සඳහා මල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගතව සිටී.

මුල්ග්‍රේව් ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි පෙළ තරග ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයකි.

එම ක්‍රීඩා සමාජය පිහිටවූයේ 1905 වසරේදීය.

administrator

    Related Articles

    Close
    shares