Lanka Focus News

ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල් කළ යුතුයි – ලාල්කාන්ත

ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල් කළ යුතුයි – ලාල්කාන්ත

ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල් කිරීමට අරගලයක් කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

‘1971 අප්‍රේල් 05 විරු සමරුව’ වෙනුවෙන් කිරිල්ලවල ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී ලාල්කාන්ත මහතා,

“ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල් කරන්න ඕනේ. රැඩිකල් කරන යෝජනාවක් තමයි 20වන සංශෝධනය. පාර්ලිමේන්තුව රැඩිකල් කරන්න ඕනේ. ආයතන පද්ධතිය රැඩිකල් කරන්න ඕනේ. ප්‍රමිති කාර්යාංශයත් රැඩිකල් කරන්න ඕනේ. විප්ලවවාදී කරලා වෙනසකට ලක්කරන්න ඕනේ. දැන් ඒ ආයතන විනාශ කරලා ඉවරයි. අපිට තියෙන්නේ ඒක විප්ලවීය කරන්න. එවැනි අරගලයක් අපිට තියෙන්නේ. ඒ අරගලය සන්නද්ධ අරගලයක් නෙමෙයි. සන්නද්ධ අරගලයක් අපි 71ත් යෝජනා කළේ නෑ. එදා මර්දනයට දීපු උත්තරය තමයි අරගලය.”

ප්‍රතිජනනාත්මක දේශපාලනය හෙවත් යමක් අත්පත් කරගනිමින් විරෝධතාවයේ යෙදීම ගම් මට්ටමින් සංවිධානය වියයුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares