Lanka Focus News

ප්‍රංශ හිටපු සෞඛ්‍ය ඇමතිනියට එරෙහිව පරීක්ෂණයක්

ප්‍රංශ හිටපු සෞඛ්‍ය ඇමතිනියට එරෙහිව පරීක්ෂණයක්

කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමේදී අනුගමනයකළ වැරදි පිළිවෙත් හේතුවෙන් ජීවිත අනතුරේ හෙළු බවට චෝදනා එල්ල වන ප්‍රංශ හිටපු සෞඛ්‍ය ඇමතිනිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නීතිඥයින් පවසන්නේ පැරිස් නගරාධිපතිනිය වීමේ අසාර්ථක උත්සාහය වෙනුවෙන් ඇය 2020 වසරේ පෙබරවාරි මාසයේ ධුරය හැර යාමෙන් අන් අයගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවය.

ඇයට එරෙහිව නඩු පැවරිය යුතුද යන්න රජයේ විශේෂ අධිකරණයක් මගින් තීරණය කරනු ඇත.

වසංගතයට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඇමතිවරයෙකු නීත්‍යානුකූලව වගකිව යුතු වූ ලොව පළමු අවස්ථාව මෙයයි.

ව්‍යසනයකට එරෙහිව සටන් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද ප්‍රංශ හිටපු සෞඛ්‍ය ඇමතිනියට චෝදනා එල්ල වේ.

පසුගිය (10) පැවති නඩු විභාගයට සහභාගී වෙමින් 58 හැවිරිදි ඇග්නස් බුසින් ප්‍රකාශ කළේ සත්‍යය තහවුරු කිරීමට ලැබුණු අවස්ථාව සාදරයෙන් පිළිගන්නා බවය.

administrator

    Related Articles

    Close
    shares