Lanka Focus News

ප්‍රංශ ජනපති බිරිඳ කැමැත්තෙන් හුදකලා වෙයි

ප්‍රංශ ජනපති බිරිඳ කැමැත්තෙන් හුදකලා වෙයි

ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇයව හමුවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලා වී තිබේ.

මේ අතර, පසුගිය (19) දිනයේ දී ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් හඳුනාගත්තේ යුරෝපා කලාපයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ ආසාදිතයන් 137,473 දෙනෙක් ලෙසය.

යුරෝපයෙන් ඊයේ කොවිඩ් මරණ 1,068 ක්ද වාර්තා වී තිබේ.

යුරෝපයේ ඉහළ දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති රටවල් අතරට බෙල්ජියම ද අයත්ය.

වැලෝනියා කලාපයේ සහ බ්‍රසල්ස් අගනුවර කොවිඩ් ව්‍යාප්තිය ” සුනාමි” වැනි තත්ත්වයකට ආසන්න බව එරට සෞඛ්‍ය ඇමති ෆ්‍රෑන්ක් වෙන්ඩන්බ්‍රෝක් පවසයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares