Lanka Focus News

පළාත් සීමා පනින්න ගිය 783ක් මාට්ටු

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතේ සිට ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් නීති විරෝධීව ගමන් ගත් වාහන 911ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂා කර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව කොළඹ දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ දකුණු පළාතට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 585ක්, පුත්තලම මාර්ගය, ගාලු මාර්ගය රත්නපුර මාර්ගය සහ නුවර මාර්ගය ඔස්සේ දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයකට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 326ක් මෙසේ හරවා යවා තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගවල ගමන් ගත් පුද්ගලයන් 930දෙනකුට මෙම මුර කපොළුවලදී දැඩි ලෙස අවවාද කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

මහනුවර මාර්ගය, පුත්තලම මාර්ගය,රත්නපුර මාර්ගය ,සහ ගාලු මාර්ගය යන මාර්ගවල මුර කපොළුවලදී ආපසු හරවා යැවූ පුද්ගලයන් සංඛ්‍යාව 783ක් බවත් අධිවේගී මාර්ගවලදී මෙදින පරීක්ෂාවට ලක් කෙරුණු වාහන සංඛ්‍යාව 5132ක් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

administrator

Related Articles