පවතින ගැටලු නිරාකරණය කර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
නව මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පළමු සාකච්ඡාව ඊයේ (11) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.