පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලදී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 28හැවිරිදි වියේ පසුවන අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේදී බීමත්ව පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරීන් එම පිරිස පාලනය කිරීමට උත්සාහ කිරීමේදී එම පිරිස අතර සිටි කිහිපදෙනෙකු රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට සාපරාධී බලහත්කාරපෑමක් සිදුකළ බවත් පොලීසිය විසින් පසුව එම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.
ඔවුන් අද (17) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.