Lanka Focus News

පන්ජාබ් පිලට කඩුලු 8ක සුපිරි ජයක්

පන්ජාබ් පිලට කඩුලු 8ක සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

තරගය ඊයේ (03) රාත්‍රීයේ ඩී.වයි පටිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 143ක් ලබාගත්තේය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 144ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 02ක් දැවී සිටියදී ලකුණු 145ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

එහිදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ශිකර් ධවාන් නොදැවී ලකුණු 62ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ පන්දු 28ක් තුළ ලකුණු 40 රැස්කළේය.

administrator

Related Articles