Lanka Focus News

නොගෙවූ වී ගොවීන්ගේ ණය කපා හැරේ

නොගෙවූ වී ගොවීන්ගේ ණය කපා හැරේ




වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන මේ වනවිටත් ගෙවීමට අපහසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමටමෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පාස්කු ප්‍රහාරය සහ ඉන් පසුව ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වය මූලික කරගනිමින් පොදුවේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම සෘජු හා වක්‍ර බලපෑම් එල්ලවී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් සියයට 30ක් පමණ වන ගොවි ජනතාවට මෙම තත්ත්වය දරාගත නොහැකි ආකාරයට වර්ධනය වී ඇති බව කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්වී ඇත.

එසේම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සඳහා යොමුවීමත් සමඟ ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ.

මේ හේතුවෙන් ගොවීන් විසින් බැංකු විසින් ලබාගෙන නොගෙවූ ණය අක්‍රීය ණය ලෙස බැංකු විසින් වර්ගීකරණයකට ලක්කර ඇත.

ඒ අනුව ඉදිරි මහ කන්නයේදී වී වගාව සඳහා ණය ලබාගැනීමට යාමේදී ගොවීන් පත්වන අසීරුතාවය සැළකිල්ලට ගනිමින් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.




administrator

Related Articles