Lanka Focus News

නේපාල සංචාරක ඇමති ට කොරෝනා

නේපාල සංචාරක ඇමති ට කොරෝනා

නේපාලයේ සංචාරක අමාත්‍ය යෝගේෂ් භට්ටරායි ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති යෝගේෂ් භට්ටරායි පවසන්නේ තමන් සමීපව ඇසුරු කළ සියලුදෙනාට විමසිලිමත්ව කටයුතු කරන ලෙසය.

පසුගිය 5 වනදා යෝගේෂ් භට්ටරායි පී.සී.ආර් පරීක්ෂාවකට යොමු වී ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඔහු කත්මණ්ඩු නුවර සංචාරයකට ද සහභාගී වී ඇති බව සඳහන් වේ.

එහිදී හටගත් උණ රෝග ලක්ෂණ මත නැවත සිදුකළ පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

54 හැවිරිදි නේපාල සංචාරක අමාත්‍යවරයා සහ එරට ඉන්දීය තානාපතිවරයා අතර හමුවක් ද පසුගියදා පවත්වා ඇති බව සඳහන් වේ.

සංචාරකයින් පැමිණීම ඉහළ නංවා ගැනීමේ අරමුණින් නේපාලය කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් නිදහස් රටක් බවට ද ප්‍රකාශයට පත් කර තිබුණි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares