Lanka Focus News

නීතිඥවරියට නිරුවත පෙන්වූ සෙබලා අත්අඩංගුවට

නීතිඥවරියට නිරුවත පෙන්වූ සෙබලා අත්අඩංගුවට




නීතිඥවරියකගේ නිවසට ගල් ගසා අනතුරුව ඇයට නිරුවත පෙන්වු බව කියන පුද්ගලයකු මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළකු බවටයි හදුනාගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙපාර්ශවය අතර 29 වනදාඇති වූ ආරවුලකින් අනතුරුව සැකකාර සෙබළා නීතිඥවරියගේ නිවසට ගල් ගසා ඇය නිවසින් පිටතට පැමිණීමෙන් අනතුරුව සිය කලිසම ගලවා නිරුවත පෙන්වූ බවට නීතිඥවරිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා විසින් සිදු කරයි.




administrator

Related Articles