Lanka Focus News

නිරෝධායන නීති කඩ කළ ටියුෂන් ගුරුවරියට රුපියල් 10,000ක් දඩ

නිරෝධායන නීති කඩ කළ ටියුෂන් ගුරුවරියට රුපියල් 10,000ක් දඩ

නිරෝධායන නීතිවලට පටහැනිව හැටන්, දුඹුරුගිරිය මාර්ගයේ ආගමික ස්ථානයක උපකාරක පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (08) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

එම ගුරුවරිය හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය අධිකරණය හමුවේ වරද පිළිගත් බව වාර්තාවේ.

පසුව ඇයට දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 10,000 දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

හැටන්, දුඹුරුගිරිය මාර්ගයේ ආගමික ස්ථානයක ළමුන් 50ක් පමණ සහභාගි කරගෙන නිරෝධායන නීතිවලට පටහැනිව උපකාරක පන්තියක් පවත්වාගෙන යන බවට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්නට ලද තොරතුරක් මත ස්ථානයට ගොස් බාහිර පන්තියට සහභාගි වී සිටි ළමුන් සියලුදෙනා නිවෙස් වෙත යොමු කළේය.

administrator

    Related Articles

    Close
    shares