Lanka Focus News

නිරෝධායනය වෙන අයට ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් නෑ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

නිරෝධායනය වෙන අයට ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් නෑ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය මැතිවරණ කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (29) ඇරඹිනි.

ඡන්ද මධ්‍යස්ථාන 05කදී තැපැල් ඡන්ද සලකුණූ කිරීම සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරි ආර්.එම් වන්නිනායක මහතා පැවසුවේය.

මේ අතර, නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස්  ජනරාල් සමන්  රත්නායක මහතා පැවසීය.

ඔහු පවසන්නේ මැතිවරණය පැවැත්වෙන අගොස්තු මස 05 වනදා පස්වවරු 5.00න් පසුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බවය.

කොවිඩ් නයින්ටීන් වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ පැවැති විශේෂ රැස්විමකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශිත සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස්  ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරිම අද දිනයෙන් අවසන්වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට අදාළව පැමිණිලි 5400ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් ලැබී ඇති බව එහි සඳහන් වේ.

ඉන් පැමිණිලි 1020ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති අතර අනෙක් පැමිණිලි 4380 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි  කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇත.

administrator

    Related Articles

    Close
    shares