Lanka Focus News

නැවත කොවිඩ් පැතිරීමේ අවදානමක්

නැවත කොවිඩ් පැතිරීමේ අවදානමක්




නව ප්‍රභේද සමග නැවත වරක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් උද්ගතව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර තිබේ.

ඉන් මිදීමට නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 04ම ලබාගැනීම ඉතා වැදගත් බව ඔහු පෙන්වාදෙයි.

“කොවිඩ් උවදුර ඉවර නෑ – 4 වැනි එන්නත ගනිමු” යන මැයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

“ඇත්තටම කොවිඩ් උවදුර සම්පූර්ණයෙන් ඉවරවෙලා නෑ. අපි මීට පෙරත් කාරුණික ආයාචනයක් කරා ප්‍රාථමික එන්නත්කරණයෙන් පසුව බූස්ටර් එන්නත එහෙම නැත්නම් තුන්වෙනි එන්නත ලබාගන්නා හැටියට. ඒ වගේම බූස්ටර් එන්නත ලබාගත් අයට තමා අපි හතරවෙනි එන්නත ලබාගන්නා හැටියට ඉල්ලීමක් කරන්නේ. දැනට අපේ ලංකාව තුළ ප්‍රාථමික එන්නත අවුරුදු 20ට වැඩි අයට අපි ඉතා හොඳින් එන්නත ලබාගෙන තියෙනවා. සියයට 97%ක ප්‍රමාණයක්. නමුත් පළමු වෙනි බූස්ටර් එන්නත ලබාගැනීම මිලියන 7.9ක් පමණයි අරන් තියෙන්නේ.”




administrator

Related Articles