නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (01) නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.
මහවැලි, කැලණි, නිල්වලා සහ කළු ගඟ මෙන්ම කෙහෙල්ගමුව ඔය ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් එය ආශ්රිත ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජලාශ කිහිපයක වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් අද (02) දිනය තුළ වසා දැමීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ, නුවරඑළිය ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බවය.
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100කට වැඩි තද වැසි අද දිනය තුළ ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද වැසි සහ තද සුළං ඇති විය හැකි බවය.