Lanka Focus News

නත්තල් පෙළපාලියට කඩා වැදුනු මෝටර් රථය

නත්තල් පෙළපාලියට කඩා වැදුනු මෝටර් රථය

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ නත්තල් පෙළපාලියකට සහභාගී වී සිටි පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 5 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ වාකීෂා (Waukesha) නගරයේ නත්තල් පෙළපාලියකට සහභාගී වී සිටි පිරිසක් අතරට මෝටර් රථය ධාවනය කර තිබුණි.

විදෙස් වාර්තා පවසන්නේ ඊයේ (22) සවස් කාලයේ පැවති මේ පෙළපාලියට නර්තන කණ්ඩායම්, පාසල් තූර්ය වාදක කණ්ඩායම් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවය.

මාර්ග බාධක බිඳගෙන අධිවේගයෙන් ඉදිරියට ඇදෙන මෝටර් රථයේ ගැටී පුද්ගලයින් අනතුරට ලක්වන අයුරු පටිගත වී තිබුණි.

සිදුවීමෙන් පසු සියලු දෙනා ඉවත් කර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය කටයුතු කර තිබූ අතර සැකකරු සහ මෝටර් රථය මේ වනවිට හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

administrator

    Related Articles

    Close
    shares