Lanka Focus News

ධානිෂ් අලී හෙට අධිකරණයට

ධානිෂ් අලී හෙට අධිකරණයට




රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධාකිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ධානිෂ් අලි නැමැත්තා හෙට (02)අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ධානිෂ් අලී නැමැති සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති බව නඩුව කැඳවූ අවස්ථාවේ කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම නියෝගය අනුව බන්ධනාගාරය මඟින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නෑ.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ සැකකරු හෙට දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටය.




administrator

Related Articles