Lanka Focus News

දෛනික කොවිඩ් ආසාදිතයින් 200ට ආසන්නයි

දෛනික කොවිඩ් ආසාදිතයින් 200ට ආසන්නයි




මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබේ.

යළිත් වරක් කොවිඩ් අනුප්‍රභේද රට තුළ පැතිරයමින් පවතින බව පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කළේය.

කෙසේවෙතත් ඊයේ (07) දිනයේ දි කොවිඩ් -19 ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 666,764ක් වේ.

මේ අතර තවත් කොවිඩ් මරණ තුනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අගොස්තු 6 වන දිනට අදාළව එම කොවිඩ් මරණ 3 තහවුරු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 16,586ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.




administrator

Related Articles