Lanka Focus News

දෛනික ආසාදිතයින් 2,832ක්

දෛනික ආසාදිතයින් 2,832ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 804 දෙනෙකු ඊයේ (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,512ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 409,628ක් විය.

administrator

    Related Articles

    Close
    shares