Lanka Focus News

දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර කරන්නේ නෑ -ජනපති

දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර කරන්නේ නෑ -ජනපති

කුමන බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. මහතා අවධාරණය කරයි.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරයේ දී මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අතීතයේ ඇතැමෙකුට රැකියා ලැබුණ ද දිළිඳු ජනතාවට එම අවස්ථාව නොලැබුණු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන්ට සහ උපාධිලාභීන් සඳහා සැළසුම් කළ පරිදි රැකියා 150,000ක් ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර ඊයේ (01) පෙරවරුවේ මහියංගනයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිවරයා සහභාගී විය.

රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකදීම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරී හා අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares