Lanka Focus News

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා අද සහ හෙට යළිත් විවෘත වෙයි

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා අද සහ හෙට යළිත් විවෘත වෙයි

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා අද සහ හෙට යළිත් විවෘත කෙරෙනවා.

කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු හා අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට අවස්ථාව සලසා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේ.

එලෙස එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය කොළඹ දිස්ත්‍රික්කයේ පිරිස් පළමුව ලියාපදිංචි විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පිට පළාත්වල ගොවි නිෂ්පාදන කොළඹ දිස්ත්‍රික්කයට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙලක්ද සකස් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න වැඩිදුරටත් පැවසුවේ.

administrator

    Related Articles

    Close
    shares