Lanka Focus News

දරුවන් පාසලට දාන්න තොරතුරු ග්‍රාම සේවකගෙන්

දරුවන් පාසලට දාන්න තොරතුරු ග්‍රාම සේවකගෙන්

රජයේ පාසල්වල 2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට අමතරව ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ http://www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

2022 වසරේ පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය 2016, 2017, 2018, 2019, සහ 2020 යන වසරවල ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු එලෙස ලබාගත් පසුව ඒවා ග්‍රාමනිලධාරී හෝ වෙනත් නිලධාරියකු හෝ සහතික කිරීම අවශ්‍ය නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

administrator

    Related Articles

    Close
    shares