කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වනවිට සුවය ලබා සිය නිවස වෙත පිටව ගොස් තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
කොවිඩ් ආසාදිතව සිට තමා නිවසට පැමිණි බවත්, සතියක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සටහන් තබා තිබේ.
ඒ අතර තමාගේ සුවය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ සියලුදෙනාට ස්තූතිය පුදකරන බවත් දයාසිරි ජයසේකර මහතා ටිව්ටර් ගිණුමේ සටහන් කර ඇත.
එම සටහන පහතින් දැක්වේ.