Lanka Focus News

දකුණු අප්‍රිකාව ට ලකුණු 28ක ජයක්

දකුණු අප්‍රිකාව ට ලකුණු 28ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු T20I තරඟය ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේශාව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු වෙනුවෙන් එහිදී ඒඩන් මාක්‍රම් ලකුණු 48ක් රැස්කළ අතර රීසා හෙන්ද්‍රික්ස් ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 23කට කඩුලු 2ක් දවාගත් අතර නායක දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ මහේෂ් තීක්ෂණ එක කඩුල්ල බැගින් දවාගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනෙෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22ක් රැස්කළේය.

පන්දු යැවීමේදී බ්ජෝර්න් ෆොර්ටුවින්, අන්ද්‍රික් නෝකියා, කේශාව් මහරාජ්, ටබ්රෙයිස් ශම්සි සහ ඩ්වෙයින් ප්‍රිටෝරියස් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත T20I තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

administrator

    Related Articles

    Close
    shares