Lanka Focus News

දකුණු අප්‍රිකානු ජනපති ට හූ සංග්‍රහයක්

දකුණු අප්‍රිකානු ජනපති ට හූ සංග්‍රහයක්

දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රාමපෝසා මැයි රැළියක් අමතමින් සිටින අතරතුර එම ස්ථානයට පැමිණි සේවකයින් පිරිසක් ඔහුට බාධා කර ඇති බව වාර්තා වෙයි.

එහිදී එම සේවකයින් ජනාධිපතිවරයා කතා කරමින් සිටි වේදිකාවට නැග හූ කියමින් ඔහුට බාධා කර තිබුණි.

“සිරිල් මස්ට් ගෝ” යනුවෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණයක් ද කර ඇති අතර වැටුප් වැඩි කළ යුතු බවද ඔවුන් ඉල්ලා තිබේ.

බාධා කිරීම හේතුවෙන් ජනපතිවරයා රැළිය අතරතුර ඉන් ඉවත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

administrator

Related Articles