Lanka Focus News

තිසර ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

තිසර ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

ජියූ-ජිට්සූ ප්‍රෝ ලෝක ශූරතාවට සහභාගි වූ තිසර ලකුණු 2-1ක් ලෙස පරාජයට පත් වෙයි

අබුඩාබිහිදී ඊයේ (16 වැනිදා) අවසන් වූ ජියූ-ජිට්සූ ප්‍රෝ ලෝක ශූරතාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ තිසර රණවිරුට තියුණු සටනකින් අනතුරුව ලකුණු 2-1ක් ලෙස පරාජයට පත් වන්නට සිදුවිය.

මේ වනවිට ඩුබායිහි ජීවත් වන තිසර, මෙම ලෝක ශූරතාව සඳහා කිලෝග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරමින් සහභාගි වූ අතර එම තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හයිතම් හනාවී තිසරගේ ප්‍රතිවාදියා විය.

තිසර මීට ඉහතදී පැවති ඒ.ජේ.පී. තරගාවලියේදී ද ජියූ-ජිට්සූ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා තිබේ. මේ වනවිට ඔහු මිශ්‍ර සටන් තරග වෙනුවෙන්ද සටන් වදියි.
ජියූ-ජිට්සූ ඉසව්වෙහි දම් පටිය යටතේ තරග වදින තිසර මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 52 වැනි ස්ථානයේ පසුවන අතර ආසියාවේ 19 වැනි ස්ථානයේ රැඳී සිටියි.

administrator

    Related Articles

    Close
    shares